ඉදිරි අය වැයෙන් 55%ක කොටසක් වෙන්කර ඇත්තේ ණය පොලී ගෙවීමට බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසයි .
ඒ අනුව රුපියල් බිලියන 2500 ක් ණය පොලිය ලෙස ගෙවිය යුතු බවත් රුපියලේ වටිනාකමද ආරක්ෂා කරගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය
වැට් බද්ද 18%ක් දක්වා වැඩි කිරීමට සිදුවන බවත් මැතිවරණයක් ආසන්නයේ එය සිදුකිරීම අමාරු වුවත් එය සිදු නොකළ හොත් සියලු දෙනාගේම අනාගතය විනාශයට පත් වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ .