අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින විට පළායාමට කුමන්ත්රණය කළ බවට චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන මස 15 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
එදිනට මෙම නඩුවේ අධිකරණය මඟහැර සිටින විත්තිකරුවකුට අදාළව, එම විත්තිකරු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාම පිළිබඳ සාක්ෂි විභාගය පවත්වන බවත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.