අනුර කුමාර ජනාධිපති වුනත් I.M.F වැඩපිළිවෙල වෙනස් කරන්නේ නෑ

ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ජනාධිපති ධූරයට පත් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ වැඩපිළිවෙල වෙනස් නොකරන බව එම පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත පවසයි .

එහෙත් ජනතාවට බරක් වී ඇති ඇතැම් පියවර සහ රජයේ වත්කම් විකුණා දැමීමට ආණ්ඩුව දරන ප්‍රයත්නයන් සම්බන්ධයෙන් සහ කොන්දේසි පිළිබඳ නැවත සාකච්ඡා කිරීමට උත්සහ දරණා බව ඔහු පැවසීය.

කෙසේ වෙතත් තම රජයක් යටතේ ඇතැම් ණය ගිවිසුම් සහ එවැනි ණයට ගත් අරමුදල් භාවිතා කළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පවත්වනු ඇති බව ඔහු අවධාරණය කළේය.