අනුර කුමාරට බිස්නස් ක්ලාස්

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා ඕස්ට්‍රේලියානු සංචාරයක නිරතවීම සම්බන්ධයෙන් රෝහිත අබේගුණවර්ධන දැඩි විවේචන එල්ල කළේ පක්ෂයට සහ එහි සාමාජිකත්වය කුහක බවට චෝදනා එල්ල කරමිණි.

“ඔවුන්ගෙන් ප්‍රශ්න කළොත් කියයි එයා ඇදගෙන හිටපු කලිසම පවා දුන්නේ සහෝදරයෙක් කියලා” ඒත් මම දැක්කා ඔහු ව්‍යාපාරික පන්තියේ පියාසර කරලා තියෙනවා” යනුවෙන් රෝහිත අබේගුණවර්ධන විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසන බල මන්ඩලයේ පසුගියදා පැවති රැස්වීමක් අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ” ඕස්ට්‍රේලියාවේ උන් කතා කරන්නේ ලංකාවේ ආර්ථික ප්‍රශ්න ගැන. නමුත් ඇත්ත වශයෙන්ම ඔවුන් ආර්ථිකයට කළ හානිය සහ ඔවුන් කළ දේපළ හානිය ගණනය කළ යුතුයි. සැබෑ හානිය සොයා බලන්න” යනුවෙන් අබේගුණවර්ධන විසින් ජවිපෙ නායකයා ට කුහක කම පිළිබඳව චෝදනා කලේය.

ඕස්ට්‍රේලියාවේ නගර කීපයක පැවති ජාතික ජන බලවේගයේ පක්ශ රැස්වීම් ඇමතූ ජවිපෙ නායකයා ගේ මෑතකාලීන සංචාර පිළිබඳ දේශපාලන වේදිකාවේ මෙවැනි විවිධ අදහස් මතුවීම දක්නට ලැබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *