ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ආපදාවට ලක් වූ වණිජ නෞකාව වෙත ගිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුදුර විසින් එහි සිටි කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව බෙරාගෙන අති බව වාර්තා වේ.
වියට්නාමයේ සිට ඊජිප්තුව බලා යාත්‍රා කරමින් සිටි, එම්.වී. ඉන්ටග්‍රිටි ස්ටාර් නම් අදාළ වෙළෙද නෞකාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් විය.
අනතුර පිළිබඳව ශ්‍රි ලංකා නාවික හමුදාවට දැනුම් දීමෙන් පසු නෞකාවේ කාර්ය මණ්ඩලය මුදා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කරන ලද අතර ඒ අනුව ආපදාවට ලක්වූ නෞකාවේ සිටි ඉන්දීය, තුර්කි සහ අසර්බයිජාන් ජාතිකයින්ගෙන් සමන්විත 14 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩලය නිරුපද්‍රිතව මුදාගැනීමට හැකි වූ බව නාවික හමුදාව සඳහන් කළේය.
බේරාගත් නාවිකයන් පිරිස රැගත් නාවික හමුදා නෞකාව මේවන විටත් හම්බන්තොට වරාය බලා පැමිනෙමින් තිබෙනා බව නාවික හමුදාව පවසයි .