අනතුරට පත් ධීවර යාත්‍රාව සොයා නාවික හමුදාව දියඹට යයි

මෙරට ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේදී බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්ව ඇත . එහි සිටිනා ධීවරයින් බේරාගැනීම සඳහා මේවන විටත් නාවික හමුදාවට අයත් විශේෂ නෞකාවක් පිටත්ව ගොස් ඇතිබව නාවික හමුදා ආරංචිමාර්ග පවසයි.

ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 300ක පමණ දුරින් මෙම ධීවර යාත්‍රාව අනතුරට ලක්ව ඇති බව සඳහන් වනවා. එහි ධීවරයන් 6 දෙනෙක් සිටිබව යාත්‍රාවෙ හිමිකරු පවසයි .

කෙසේ වෙතත් අනතුරට පත් යාත්‍රව වෙත පැමිණි ඉන්දුනීසියානු ධීවර බෝට්ටුවක් මඟින් ධීවරයන් සිව් දෙනෙක් මුදාගෙන ඇති අතර එම පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් බාර ගෙන ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතය. අනෙක් ධීවරයන් දෙදෙනා පිළිබඳව ටොරතුරු වාර්තා නොවේ

අනතුරට ලක් වූ අදාළ බහුදින ධීවර යාත්‍රාව පසුගිය අගෝස්තු 31 වන දින දෙවුන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, එය 16 වන දින සිට අතුරුදන්ව ඇති බවට ධීවර යාත්‍රාවේ හිමිකරු දැනුම්දී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනතුරට ලක් වූ යාත්‍රාව තුළ ධීවරයින් හය දෙනෙකු සිට ඇති අතර ඉන් සිව්දෙනෙකු ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවකින් බේරාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර අනෙක් ධීවරයින් දෙදෙනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බව පැවසෙනවා.