අධිකරණය සහ පාර්ලිමේන්තුව හප්පන කුමන්ත්‍රණයක් හෙළිවෙයි.

ආණ්ඩුව අධිකරණයට බලපෑම් කරන බවට වැරදි මතයක් විපක්ෂය විසින් රටතුළ නිර්මාණය කරමින් සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව ගනු ලබන තීන්දු තීරණ පදනම් කරගෙන අධිකරණය තීන්දු ලබා නොදෙන බවයි.

මෙලෙසම හමුදා සෙබළුන් අපහසුතාවට පත්කර නීතිය හා සාමය නොමැති අරගලයට ඉන් වාසි ලබාගත් බව පෙන්වා දුන් ඇමතිවරයා අධිකරණය, ව්‍යවස්ථායක සහ විධායකය බිඳ වට්ටවා රාජ්‍ය විනාශ කිරීමට ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරමින් සිටින බවටද ඔහු පැවසීය .

පාර්ලිමේන්තුවේ නීතිය, සම්ප්‍රදාය වන්නේ කතානායකතුමා තීන්දුවක් දුන්නම ඒක තීන්දුවක් විම බවත්,යම් කෙනෙක් ඊට අභියෝග කරන්නේනම් ඊට ක්‍රමයක් ඇති බවත් එහිදී අදහස් දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පැවසීය .

පාර්ලිමේන්තුවේ යෝජනාවක් නීතියක් වෙන්නේ නැති බවත්, පාර්ලිමේන්තුවට ඕනෑම නීතියක් සම්පාදනය කිරීමේදී අධිකරණය හරහා එන්න පාරක් ඇතිබවත් පැවසූ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා, රටේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වෙනවා නම් එවැනි අවස්ථාවල අධිකරණයට යාමට අවස්ථාව තිබිය යුතුබව පැවසීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *