රටේ සෑම ශිෂ්‍යයෙකුටම සම ප්‍රවේශ අවස්ථා සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම අරමුණු කරගෙන අධ්‍යාපනයේ සිදුවිය යුතු පරිවර්තනීය වෙනස්කම් ඇතුළත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
“වසර 2048 දී පූර්ණ සංවර්ධිත ශ්‍රී ලංකාවක්” යන දැක්මට අදාළව මෙම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කර තිබෙනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කාර්යක්ෂමව සහ ඵලදායී අයුරින් ක්‍රියාත්මක කිරීම සදහා සුදුසු පරිපාලන ව්‍යුහයක් සකස් කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව පහත සඳහන් පියවර ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පාසල් වර්ගීකරණය කිරීම
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒකක 09ක් පළාත් 09ක් තුළ ස්ථාපිත කිරීම
කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව විද්‍යාත්මකව සහ ප්‍රමුඛතා අනුපිළිවෙළක් මත පදනම්ව 100 සිට 122 දක්වා අදියර වශයෙන් වැඩිකිරීම
දැනට පවතින කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 314 ද ඇතුළත් කර ගනිමින් පාසල් මණ්ඩල 350ක් ස්ථාපිත කිරීම
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය සහ ගුරු උපදේශක සේවය සදහා අවශ්‍ය නිළධාරීන් බදවා ගැනීම
තෝරාගත් ද්විතීක පාසල් එකක් හෝ කිහිපයක් ප්රමුඛ පාසල් ලෙස නම් කර පාසල් 8ක් 12ක් පමන සංඛ්‍යාවකින් සමන්විතවන පරිදි සමස්ත පාසල් පද්ධතියම පාසල් පොකුරු 1220කට ඇතුළත් කිරීම