උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මධ්‍යම පළාතේ ද විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය . එමෙන්ම ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .
එමෙන්ම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
අකුණු සහ තද සුළං මඟින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි .
මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ඇතිවිය හැකි අතර, දිවයින වටා වන සෙසු මුහුදු කළාපවල සවස් කාලයේ හෝ රාත්රියේදී වැසි අපේක්ෂා කරන බවත් සුළං ඊසාන දෙසින් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර් 25-35ත් අතර වන බවයි.
කෙසේ වෙතත්, හලාවත සිට කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45 දක්වා වැඩි විය හැකි බැවින් එම ප්‍රදේශ රළු විය හැකි බවද දැනුම්දෙයි .