බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් අද දිනයේ තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී මද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ බස්නාහිර, වයඹ, උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ශරීරයට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර දක්වා ඉහළ යා හැකි බවය.
ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල පමණක් අද දිනයේ සාමාන්‍ය උෂ්ණත්වයක් අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.