අද උදේ 8 සිට වෛද්‍යවරු වර්ජනයේ

අද උදෑසන 8 සිට දිවයින පුරා පිහිටි සියලු රෝහල්වල වෛද්‍යවරු වැඩ වර්ජනයක් ආරම්භ කරනා බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි . සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නීතීවිරෝධී ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරීම නතර කරනා ලෙසත්, තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ලබාගනු පිනිසත් මෙම දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක සිදුකරනා බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පවසයි .

කෙසේවෙතත් මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂ වකුගඩු ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතනයන්හි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොකරන බව වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේය.

මෙම සංඛේත වැඩවර්ජනය පිළිබඳව රජය ප්‍රමානවටහ් අවධානය යොමු නොකරන්නේනම් ඉදිරියේ දී දැඩි වෘත්තීය සමිති