කුලුනු දෙකකින් අහස ඇල්ලූ Ratnadipa

අති සුඛෝපභෝගි හෝටලයක් වන ‘ITC Ratnadipa Colombo‘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් මීට සුළු වේලාවකට පෙර විවෘත කෙරුණා.

ඉන්දියාවේ ITC හෝටල් සමූහය විසින් ඉන්දියාවෙන් පිටත ඉදිකළ ඔවුන්ගේ පළමු සුඛෝපභෝගි හෝටලය වන්නේද මෙයයි.

ඔවුන් මේ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් වැයකර තිබෙනවා.

මේ අති සුඛෝපභෝගී හෝටලය හෝටල් කාමර 350කින් සමන්විත වනවා.

ඒවගේම ප්‍රධාන කුලුනු දෙකක් යා කරමින් අඩි 100ක් ඉහළ අහසේ ඉදි කෙරුණු අහස් පාලම මෙහි විශේෂත්වය වන අතර මෙරට එවැන්නක් ඉදි කෙරුණු පළමු වතාව මෙය වනවා.