මැදපෙරදිග මතුව තිබෙන යුදමය තත්ත්වය හමුවේ ඉදිරි සති කිහිපය මෙරටට තීරණාත්මක කාලයක් විය හැකි බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පාර්ලිමේන්තුවේදී අද පැවසීය .
පවතින යුදමය වාතාවරණය හමුවේ නැව් ගමනාගමනයට මෙන්ම ගුවන් යානා ගමනාගමන කටයුතු සඳහා සීමාවක් පැනවිය හැකි බැවින් අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේ දී යම් ප්‍රමාදයක් ඇති වීමට ඉඩ ඇති බවද ඔහු සඳහන් කළේය .
“ඇතිවෙලා තියෙන වර්තමාන යුධ වාතාවරණයෙන් නැව් ගමනාගමනයට, ගුවන් යානා ගමනාගමන කටයුතුවලට සීමාවන් පනවලා තියෙනවා . තව දුරටත් සීමා පැනවීමට ඉඩ තියෙනවා. එම තත්ත්වය මත අපි ඉල්ලුම් කරන ලද ඒ අත්‍යවශ්‍ය සේවාවන් ලැබීමේදී සමහරවිට ප්‍රමාදයන් ඇති වෙන්නත් පුළුවන්
ඉදිරි සති කිහිපය තීරණාත්මකයි. ඒ අනුව අපිට මේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. ඒ අනුව තමයි අපේ හදිසි තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යන්න කටයුතු කරලා තියෙන්නේ.” නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.