කොටුව දුම්රිය ස්ථානයේ පවත්වාගෙන යන පොදු වැසිකිළිය පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි මගීන් චෝදනා නගනවා.
දෛනිකව බොහෝ පිරිසක් භාවිතයට ගන්නා මෙම වැසිකිළි පද්ධතිය නිසි නඩත්තුවක් නොමැති වීමෙන් මෙලෙස භාවිතයට ගත නොහැකි තරම් අපවිත්‍ර වී ඇති බවයි මගීන් පවසන්නේ. මෙම තත්ත්වය නිසා කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන්ට දැඩි අපහසුතාවයන්ට පත්වීමට ද සිදුවෙනවා.