අගෝස්තු මාසයේ සංචාරක ආදායම පහළ යයි

ඉකුත් අගෝස්තු මස සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව ලද විදේශ විනිමය ආදායම 8.2% කින් පහත වැටී ඇත. ඉකුත් වසරේ (2024) අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාව සංචාරක කාර්මාන්තයෙන් ඉපැයූ මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 282.1 ක් විය . එහෙත් මෙම වසරේ අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 258.9 ක් දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

මේ අතර ගිය වසරේ (2024) පළමු මාස අටට සාපේක්ෂව මේ වසරේ (2025) පළමු මාස අටේදී සංචාරක ව්‍යාපාරයෙන් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2167 සිට ඇමරිකානු ඩොලර් මිලියන 2290 ක් දක්වා සියයට 5.7 ක් දක්වා වර්ධනය වී ඇති බවද මහ බැංකුව කියයි.