අකුරැස්සේ බස් අනතුරෙන් 10 ක් රෝහලේ.

වැලිගම අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ උඩුකාව හතරේ කණුව ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථ දෙකක් එකිනෙක ගැටී අද (05) පස්වරුවේ අනතුරක් සිදුවී තිබේ.

අනතුරෙන් තුවාල ලැබූ මගීන් 10 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇති බවට වාර්තාවේ.

පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථය මෙලෙස අනතුරට ලක්වී ඇති අතර,ලංගම බස් රථය කොළඹ සිට අකුරැස්ස දෙසටත්, පෞද්ගලික බස් රථය මාතර සිට වැලිපිටිය දෙසටත් ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුවී ඇති අතර අධික වේගය අනතුරට හේතුව බවට සැකකරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *