කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී ඇසේ ශල්‍ය කර්මයක් සිදුකළ 35 හැවිරිදි කාන්තවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවට වාර්තා වෙයි . ඇයට සිදුකළ ශල්‍ය කර්මයෙන් පසු සිහිය නොලබාම මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
මියගිය කාන්තාව මිට පෙර කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් ඇසට කාචයක් දමාගෙන ඇති අතර ශල්‍ය කර්මය කළ ඇසේ ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් ඇය යළි පෙරේදා 03 යළි සැත්කමක් සඳහා රෝහල් ගත කර ඇත. එම සැත්කම අතර තුර ඈ මියගොස් ඇත.
මරණකාරිය කොස්ගොඩ බොරලුකැටිය දකුණ පදිංචි දෙදරු මවක් බව වාර්තා වේ.
.