හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් මේ වන විට ස්ථිරවම වසා දමා ඇති බවත්, එම මුහුදු සීමාව හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම යාත්‍රාවකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
අද (27) උදෑසන මෙම සීමාව හරහා යාමට උත්සාහ කළ බහාලුම් නෞකා තුනක් ඉරාන නාවික හමුදාව විසින් ආපසු හරවා යවා ඇති බවත්, මෙම නෞකා නම් කරන ලද නාවික මංතීරුව ඔස්සේ යාමට උත්සාහ කර තිබුණද ඉරාන හමුදා ඊට ඉඩ දී නැති බවත් වාර්තා වේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සහ කරනා ඕනෑම ආකාරයක නාවික යාත්‍රාවකට පහර දෙන බව ඉරාන ආරක්ෂක අංශ පැවසූ බව වාර්තා වේ . මෙම තත්ත්වය මත ගල්ෆ් කළාපයේ අර්බුදය සමස්ත ලෝකයටම බරපතල බලපෑමාක් ගෙන දෙන එකක් බවට පත්වෙමින් තිබෙනා බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි .