“මිත්‍ර රටක්” ලෙස ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ඉරානය සූදානම් බවත්, අවශ්‍යතාවයක් ඇති වුවහොත් තෙල් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් ශ්‍රී ලංකාවට ලබාදීමට ටෙහෙරානය සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් පැවසීය.
කොළඹ ඉරාන තානාපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ ලෙස අදහස් පලකළේය .
මැද පෙරදිග උග්රවන ගැටුම සහ කලාපීය හවුල්කරුවන්ට එහි ඇති විය හැකි බලපෑම පිළිබඳව අවධානය යොමු කළ ඔහු ඇමරිකාව සහ ඊශ්‍රායලය කරනා අඛණ්ඩ සතුරුකම් හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය යුද කළාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම ශ්‍රී ලංකාව වැනි මිත්‍රශීලී ජාතීන්ට බල පාන්නේ නැති බවත් ඔහු පැවසීය .
එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් පහර දීමෙන් විනාශව ගිය ඉරාන නෞකාවක් වන ‘IRIS Dena’ පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. එම නෞකාවේ සිට දිවි ගලවා ගත් කාර්ය මණ්ඩලයට සහ කැඩෙට් භටයින්ට ශ්‍රී ලංකා රජය විසින් සපයන ලද ආගන්තුක සත්කාර සහ මානුෂීය ආධාර සඳහා ඔහු කෘතඥතාව පළ කළේය.