හෙට සබරගමුවේ සෞඛ්‍ය සේවය අඩපණ වෙන හැටි මෙන්න

මධ්‍යම පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ අද (13) උදෑසන සිට ක්‍රියාත්මක වූ වෘත්තීය ක්‍රියාමාර්ගය පැය 4කට පමණක් සීමා කරන බවත් ඒ අනුව අද දහවල් 12න් පසු සාමන්‍ය පරිදි සෞඛ්‍ය සේවකයන් සිය සේවයට වාර්තා කරන බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු වෛද්‍ය රවී කුමුදේශ් මහතා පවසනවා.

නමුත් මධ්‍යම පළාතේ ඇති මාතෘ හා ළමා රෝහල්වලත්, පිළිකා සහ වකුගඩු රෝහල්වලත් මෙම වර්ජනය ක්‍රියාත්මක නොවූ බවයි වැඩිදුරටත් පැවසුවේ.

සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් දිනා දීම සදහා සෞඛ්‍ය අමාතාංශයේ මැදිහත්වීම පිළිබදව සැළකිල්ලට ගෙන අඛණ්ඩ දීපව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක නොකර පළාත් වර්ජනයක් ක්‍රියාත්මක කර, එයත් පැය 4කට පමණක් සීමා කළ බවයි ඔහු පැවසුවේ.

කෙසේ නමුත් දිගින් දිගටම සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට නොහැකි වුවහොත් එළබෙන 22 වැනිදායින් පසු දීපව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද කුමුදේශ් මහතා අවධාරණය කළා.

හෙට (14) දිනයේ සබරගමු පළාතේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ උදෑසන 8 සිට පැය 4ක කාලයක් සෞඛ්‍ය සේවකයන් සේවයෙන් ඉවත් වන බවද ඔහු දන්වා සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!