හිටපු නියෝජ්‍ය කතානායක වරයෙකුට අයත් නිවසක තිබී ආයුධ තොගයක් සොයා ගැනීමට විශේෂ කාර්ය බලකායට හැකිවී තිබේ.
රුසියාවේ හා එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවි, ජීව අත්බෝම්බ සහ වෙඩි නොවදින ඇඳුම් කට්ටල කිහිපයක් ද,එම ආයුධ තොගය අතර තිබී හමුවී ඇත.
එම ආයුධ අතර විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ 2 ක්, බෝර 12 පතරොම් තුවක්කු දෙකක් හා ඊට යොදන පතරොම් 22ක්, විදුලි නොවන ඩෙටනේටර් 9 ක් හා වෙඩි නොවදින ඇඳුමක්, තහනම් පිහියක් ද පිහියක් ද එම ආයුධ අතර තිබී හමුවූ බව විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කරයි.
වැල්ලවාය පොලිස් වසමේ එකේ කනුව ප්‍රදේශයේ නිවසක තිබී මෙම ආයුධ තොගය සමග නිවසේ මුරකරු ද, විශේෂ බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇල්ල එකේ කනුව ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි.
උපකරණ හමුවූ පැරණි නිවස බලා කියා ගත් මෙම පුද්ගලයා වැඩිදුර පරීක්ෂණ සඳහා වැල්ලවාය පොලීසියට බාර දී ඇත. කිසියම් අපරාධයක් සඳහා මෙම ආයුධ එම නිවසට රැගෙන එන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.