හිටපු ජනපතිට අධිකරණයට කැඳවූ නියෝගය අභියචනා අධිකරණය අවලංගු කරයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරට අදාලව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොළබ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත්කර තිබූ නියෝගයක් වලක්වාලමින් ආභියාචනා අධිකරණය අද රිට් ආඥාවක් මිකිත් කළේය .

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ලකට අදාලව අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබූ නියෝගය අවලංගු වෙයි .

තමන් මහෙස්ත්‍රාත් අධිකරණායට කැඳවමි නිකුත් කර ඇති නියෝගය අවලංගු කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.

ධම්මික ගනේපොල, මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂි මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

කෙසේවෙතත්, නව සාක්ෂි ඉදිරිපත් කළහොත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෞද්ගලික පැමිණිල්ල අඛණ්ඩව පවත්වාගෙන යෑම මෙම තීන්දුවෙන් වළක්වන්නේ නැති බව විනිසුරු මඩුල්ල අවධාරණය කර ඇත .