අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර සිටී.
උන්වහන්සේ මේ ඉල්ලීම කරනුයේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සංදේශයක් යොමු කරමිකි .
අග්‍රාමාත්‍යවරියගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත අත්තනෝමතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් තහවුරු වන්නේ ආණ්ඩුව යටතේ ද රටත්, ජනතාවත්, බුද්ධ ශාසනයත් බරපතළ අන්තරායක තත්ත්වයකට මුහුණ දී ඇති බව යයි උන්වහන්සේ පවසා සිටී.
මේ ආකාර දුර්වල හා ජනතාව, රට පිළිබඳ තැකීමක් නොමැති ආණ්ඩුවක සෘජු හානිය සිදුවන්නේ රටට හා ජනතාවට බවද උන්වහන්සේ සංදේශය තුළින් පෙන්වා දී තිබෙනවා.