හම සුදු කරන වෙදදුරන්ට නඩු

සම සුදු කර ගැනීමේ ආලේපන නිසා හමේ රෝග සහ වකුගඩු රෝග වල වර්ධනයක් දැකගත හැකි බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පැවසීය.

සම සුදු කර ගැනීමට බොහෝ දෙනා දක්වන උනන්දුව එක්තරා ආකාරයට උන්මාදයක් බවද ඇය කීවාය.

මෙවැනි ආලේපනයක් භාවිතා කිරීමේ දී ඒවායේ ගුණාත්මක බව පිළිබඳව සොයා බලන්නට වඩා එම නිෂ්පාදන වල මිල සහ කොතරම් කාලයකින් සුදු කරනවාද යන්න පිළිබඳව පමණක් සැලකිලිමත් වීම උන්මාදයක් බවද ඇයි සඳහන් කළාය.

සම සුදු කිරීම සඳහා ‘බ්ලීචින්’ වැනි ඖෂධ ඇතැම් රටවල භාවිතය තහනම් නමුත් මෙරට තුළ ඒවා හොර ප්‍රතිචාරවලින් භාවිතා කරනවා ද යන්නත් සොයා බැලීමට ක්‍රමවේදයක් නොමැති බවද ඇය කීවාය.

සුදු වීම සඳහා කිසිදු ආකාරයකින් එන්නත් ලබා දීමට කිසිදු අනුමැතියක් නොමැති බවත් යම් වෛද්‍යවරයෙකු එලෙස එන්නත් ලබා දුනහොත් ඔහුට විරුද්ධව නඩු පැවරිය හැකි බවත් ඇය සඳහන් කළාය.

විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන සහ රූපලාවන්‍ය ප්‍රතිකාර ක්‍රම නිවැරදි නියාමනයකට යටත් කිරීම සඳහා කඩිනමින් පනතක් සම්මත විය යුතු බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

මාක් සිල්වා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *