හමුදා සෙබලෙකුගේ නිවසේ මෙරට නිෂ්පාදනය කළ බෝම්බ තොගයක්

අනුරාධපුර, මාතලේ හංදිය ප්‍රදේශයේදී හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක් අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන ඇතිබව වාර්තා වේ .

පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී අදාළ හිටපු කමාන්ඩෝ නිලධාරියා ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් එම බෝම්බ නිෂ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් වෙත භාරදී තිබෙනවා.