හම්බන්තොට නව තෙල් පිරිපහදුවට රටවල් රැසකින් අයදුම්පත්

හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය වූ ඊයේ (27) දින වන විට සමාගම් 07ක් ඒ සඳහා අයදුම්කර තිබේන බව වාර්තා වේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පවසා ඇත.

චීනය, මැලේසියාව, සිංගප්පුරුව, ඉරානය යන රටවලට අයත් සමාගම් 05ක්ද, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ඒකාබද්ධ සමාගමක් සහ මෙරට සමාගමක් එලෙස යෝජනා ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව තාක්ෂණික කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුව එම යෝජනා ඇගයීමට ලක්කර සුදුසු අයදුම්කරුවන් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *