සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය බිඳ වැටීමක් අබියස. වෛද්‍යවරු අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙති .

නිදහස් සෞඛ්‍ය පද්ධතිය සුරැකීමටත්, වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීමටත් ජනාධිපතිවරයා හෝ විෂයභාර අමාත්‍යවරයා වහා මැදිහත් විය යුතු බව රජයේ වෛද්‍ය නිළධාරී සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි .

ඔහු මේබව පැවසූවේ පවතින වෛද්‍ය වර්ජනය ගැන මාධ්‍යට කරුණු දක්වමිනි.

වෛද්‍යවරු මුහුණ දෙමින් සිටිනා ප්‍රශ්න සඳහා සාධාරණ විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වන්නේ නම්, දැනට ක්‍රියාත්මක විරෝධතා මාලාව අඛණ්ඩ වෘත්තීය අරගලයක් දක්වා දැඩි කරන බව ඔහු පැවසීය .

මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දු කඩකිරීම හේතුවෙන් රජයට බලපෑම් කිරීමේ අරමුණින් පසුගිය දෙදින තුළ දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් දියත් කළ බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අත්තනෝමතික සහ වගකීම් විරහිත ලෙස වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් නොසලකා හැරීම මෙම අර්බුදයට මුලික හේතුව වී ඇති බවත් ඔහු සඳහන් කරයි .

පසුගිය දින දෙකේදී රෝහල් සේවා බිඳවැටීමෙන් මහජනතාව පත්වූ පීඩාවේ පූර්ණ වගකීම රජය සහ අදාළ අමාත්‍යවරයා භාරගත යුතු බවද වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය .