සුලං පෙත්තක් රැගත් ට්‍රක් රියක් පෙරෙලෙයි

සුළං බලාගාරයක ටර්බයිනයකට සවිකිරීම සඳහා මන්නාරමට ගෙන යමින් තිබූ, මීටර 76 ක් දිගැති සුළං පෙත්තක් පටවාගත් ට්‍රක් රථයක් අද (02) පස්වරුවේ අනතුරකට මුහුන දුන් බව වාර්තා වේ .

එම ට්‍රක් රථය ත්‍රිකුණාමල වරාය පිවිසුම් දොරටුව ආසන්නයේදී පෙරළී ගොස් ඇති අතර එම අනතුර හේතුවෙන් වරාය භූමියේ පිහිටි ගොඩනැගිලි කිහිපයකට අලාභ හානි සිදු ව ඇත. ටොන් 36 ක් පමණ බරකින් යුත් මෙම දැවැන්ත සුළං පෙත්ත, ට්‍රක් රථයකින් ප්‍රවාහනය කිරීමට සූදානම් කරද්දී මෙම අනතුර්ට සිදුව ඇත.