අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන සිටියදී අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී මේජර් ජෙනරාල් (විශ්රාමික) සුරේෂ් සලේ රෝහලෙන් පිටව ගොස් තිබේ.
රෝහලින් නික්මුණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නැවත පැමිණ ඇති අතර, එහි රඳවා තබා ඇත.
පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරයට අදාලව හිටපු රාජ්ය බුද්ධි සේවා ප්රධානී මේජර් ජෙනරාල් සුරේෂ් ඉකුත් පෙබරවාරි 25 වන දින පෑලියගොඩදී අත්අඩංගුවට ගන්නා ලදී. අනතුරුව දින 90 ක රැඳවුම් නියෝගමත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්රශ්ණ කරමින් සිටියදී හදිසියේ ඇතිවූ අසනීම තත්ත්වයක් මත ඔහු ජාතික රෝහලට ඇතුළත් කරනා ලදි .
මේ අතර, ඔහුගේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පවුලේ සාමාජිකයන් ඔහු බැලීමට අවසර ඉල්ලා ඇතත් ඊට අනුමැතිය ලබා දී නොමැති බව වාර්තා විය.