තඹුත්තේගම, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ දී අද (10) දහවල් සිදුවු බස් රථ අනතුරින් මියගිය පාසල් සිසුවා සාමාන්‍ය පෙළ සිසුවෙකු බව පොලීසිය පවසනවා. ඒ අනුව මින් පෙර වාර්තාවූ පරිදි ඔහු උසස් පෙළ විභාගයට පෙනී සිටි අයෙක් නොවනා බව තහවුරු වෙයි .
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 16 හැවිරිදි හඟුරක්කෙත, තලාව ප්‍රදේශයේ පදිංචි පාසැල් සිසුවෙකි.
411 ගම්මානය දක්වා දිවෙන අතුරු මාර්ගයේ දී අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුර සිදුව තිබුණා. මියගිය සිසුවාගේ මෘත ශරීරය අනුරාධපුර රෝහලේ තැන්පත්ක ඇති අතර, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කළ නිවේදනයක සඳහන් වෙයි.