සැමියා සමග ප්‍රශ්නයක් ‘විසඳ ගන්න’ දරුවාව මැරූ අම්මා

අවුරුදු දෙක හමාරක් වයස සිඟිත්තිය නිවස පිටුපස ළිඳකට දමා මරා දමා ඇති මවක් පිළිබඳව කල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දැරියගේ පියා දැරිය සහ තමා පිළිබඳව අවදානයක් නොදැක්වීම නිසා එම මව මානසික ආතතියෙන් කාලය ගත කර ඇති බවයි කල්පිටිය පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කළේ.

රෝගී තත්ත්වයෙන් සිටි දැරිය ළිඳට දැමීයැයි කියන 32හැවිරිදි මව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!