සාමන්‍ය පෙළ සම්මන්ත්‍රණ සහ උපකාරක පන්ති තහනම් .

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2025) හේතුවෙන් එළැඹෙන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක දැක්වෙයි .

ඒ අනුව එළැඹෙන 11 වැනිදා සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර මුද්‍රණය සහ බෙදාහැරීම සහ ඒ සම්බන්ධ සියලු සේවාවන් තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් ප්‍රකාශ කරයි .