කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සහ දේශපාලනික අවශ්‍යතා මත දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව ස්ථාන 393 සිට 260 දක්වා අඩු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධරින්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, එම ස්ථානවල ඇති දුෂ්කරතාවයන් තවමත් අඩුනොවී එලෙසම පවතින බවයි.
මෙය තුළින් වෛද්‍යවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති අතර මෙම ලැයිස්තුවෙන් කප්පාදු කරන ලද සේවා ස්ථාන වැසියාමේ තර්ජනය තවදුරටත් උග්රවනු ඇති බව එහි දැක්වෙයි .
මෙරට තුළ ඉතාමත්ම දුෂ්කර සේවා ස්ථාන ගණනාවක් හදුනාගෙන ඇති අතර ඒ්වායේ රාජකාරි කිරීමට යොමුවන වෛද්‍යවරුන් හට ලබාදෙන එකම දිරිගැන්වීම වන්නේ සේවා කාලය වසරකින් පසු ලබා දෙන විශේෂ ‘දුෂ්කර සේවා ස්ථානමාරු ලැයිස්තුවක්’ මඟින් ස්ථාන මාරුවක් ලබාගැනීමට අවස්ථාව සලසා දීමයි.
මෙම දිරිගැන්වීම කිසිදු සාකච්ඡාවකින් හෝ පාර්ශවකරුවන්ගේ එකඟතාවයකින් තොරව නීතිවිරෝධී ලෙස වසර 02ක් දක්වා දිගු කිරීමට කටයුතු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි .
මෙම ක්‍රියාව තුලින් වෛද්‍යවරුන් දැඩි අසාධාරණයකට ලක් වන අතර එසේ කරන්නේ නම් විශේෂ ස්ථානමාරු ලැයිස්තුවක් පැවතීමේ අවශ්‍යතාවය ද ප්‍රශ්නසහගත බව එම සංගමය පවසයි .
මන්දයත්, සේවා කාලය වසර 02කින් පසු වාර්ෂික ස්ථානමාරු සඳහා ද ඉල්ලුම් කළ හැකි බැවින් මෙය හුදු දේශපාලනික අවශ්‍යතාවයක් උදෙසා වෛද්‍යවරුන් අවභාවිතා කිරීමට ලබා ගන්නා ලද තීරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ පවසයි.