සනත් නිශාන්තගේ ජීප් රිය කුඩු කරයි.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ වාහනය මාරවිල ප්‍රදේශයේදී අද අලුයම තවත් මෝටර් රථයක් සමග ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරට ලක්වූ මෝටර් රථයේ සිටි මගීන් රාජ්‍ය අමාත්‍යවරයාගේ ජීප් රථයට පහර දී එයට බරපතල හානි සිදු කර ඇතිබව පොලිසිය පවසයි .

රාජ්‍ය අමාත්‍යවරයා දංකොටුව ප්‍රදේශයේ පැවැත්වෙන උත්සවයකට සහභාගිවීම සඳහා යමින් සිටියදී අද පෙරවරුවේ මාරවිල මෝදරවැල්ල දේවස්ථානය ඉදිරිපිටදී මෙම අනතුරට මුහුණදී ඇත.

ජීප් රියට පහරදීම සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු රාජ්‍ය අමාත්‍යවරයාගේ ජීප් රියට යකඩ පොල්ලකින් ජීප් රථයට පහරදී ඇති බවයි වාර්තා වෙයි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!