“සජිත් විවාදයට එනවා කියලා සංසරණය වන්නේ ව්‍යාජ ලිපියක්” – සජබ නීතිඥයන්ගෙන් CIDය වෙත පැමිණිල්ලක්

සමගි ජන බලවේගයේ නීතිඥ සංගමය අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ස්වාධීන රූපවාහිනී සේවයේ පසුගිය 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ විවාදයට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කැමැත්ත ප්‍රකාශ කළ ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව කියමින් ඒ සදහා විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් ඔවුන් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

එම ව්‍යාජ ලිපියේ සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ලිපි ශීර්ෂයකින් යුක්තව සකස් කර ඇති බවත්, එහි සහිත් මහතාගේ අත්සන, නිල මුද්‍රාව ද සහිත බවයි සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් බුද්වින් I. සිරිවර්ධන මහතා පෙන්වාදෙන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ ලිපිය පහත දැක්වෙනවා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!