විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ඉන්දීය සංචාරයේදී සිදුකරනා ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ගැන දේශපාලන ක්ෂේස්ත්රයේ අවධානය යොමුව ඇත. ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ ප්‍රධාන දේශණයෙන් අනතුරුව 13 වන සංශෝධනය සහ පළාත් සභා මතිවරණය පිළිබඳව අසනා ලද ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ එම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවයි.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පවස ඇත්තේ තම විශ්වාසය වනුයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කල යුතු බවය. එමෙන්ම එය තම ප්‍රතිපත්තිය බවත් ඔහු පවසා ඇත .
ඉන්දු ලංකා ගිවිසුමට අනුව ශ්‍රීලංකාවේ පළත් සභා පිහිටවනු ලැබූවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝදනය එක් කරමිනි . එහෙත් 1987 සිට එහි එන ඉඩම් සහ පොලිස් බලතල ලබාදීමට කිසිම පාලකයෙක් කටයුතු කර නැත . මෙම තත්ත්වය ඉන්දියා වේ නොසතුටට හේතු වූ අතර අවස්ථා කිහිපයකදීම 13 වන ව්‍යවස්ථාව සම්පූර්නයෙන් ක්‍රියාත්ක කරනා ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට පවසන ලදි .
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 13 ඉක්මවා ගොස් උතුරේ ජනතාවට 13 + දෙන් අබ්ව පැවසූවද ඔහුද ඉඩම් සහ පොලිස් බලතළ ලබා දුන්නෙ නැත.