කටුනායක ගුවන්තොටුපල මගී පර්යන්තය පුළුල් කිරීම කටයුතු ප්‍රමාද වීම නිසා මේ වසරේ සංචාරක පැමිණීම් මිලියන 3 ක ඉලක්කයට ළඟා වීමට නොහැකි වනු ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ පවසයි.
ගුවන් තොටුපල මෙම ගැටළුව හේතුවෙන් ගුවන් ගමන් වාර 30 සිට 40 ක පමණ සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදු වූ නිසා මෙම ඉලක්කය මගහැරුනු බව ඔහු වැඩි දුරටත් පැවසීය .
නොවැම්බර් 17 වන දින 2025 වසරේ සංචාරක පැමිණීම් මිලියන 2 ක කඩ ඉම පසු කළ බව පැවසු ඔමු 2024 වසරේ සංචාරක පැමිණීම් මිලියන 2 සීමාව පසු කළේ දෙසැම්බර් 26 වන දින බවද සඳහන් කළේය .