ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධාන ජන රැළිය ජුනි 08 හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නගර මධ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.
එදින පස්වරු 2.00 ට අම්බලන්තොට නගර මධ්‍යයේ දී එම ජන රැළිය පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙය සංවිධානය කරනු ලබන්නේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්.
නව සන්ධානය ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව නව සන්ධාන වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කර තිබෙනවා.
ඉදිරියේදී තවත් පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සම්බන්ධ කර ගනිමින් දැවැන්ත හා පුළුල් සන්ධානයක් ගොඩනගන බවයි නිමල් ලාන්සා මහතා පවසන්නේ.
මෙම ජන රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් ඇතුළු නව සන්ධානයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් ක්‍රියාකාරීන් රැසක් සහභාගි වීමට නියමිතව තිබෙනවා.