ශ්‍රී ලංකාව තෙවෙනි වරටත් ECOSOC වෙත එක් වෙයි

එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය (ECOSOC) වෙත ශ්‍රී ලංකාව තේරී පත්වී තිබෙනවා.

ශ්‍රී ලංකාව මෙලෙස එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය වෙත තේරී පත්ව ඇත්තේ එහි සාමාජික රටවල් 189න් ඡන්ද 182ක් හිමිකරගනිමින්.

ශ්‍රී ලංකාව ලබාගත් මෙම ජන්ද ප්‍රමාණය කලාපයේ රටක් ලබාගත් දෙවන ඉහළම ඡන්ද ප්‍රමාණය බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකාව මීට පෙර 1985 – 1989 සහ 2006 – 2008 දක්වා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයට සඳහා තේරී පත්වී තිබුණා.

2025 ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට එහි වසර තුනක ධුර කාලයක් හිමි වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!