පකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් 20 – 20 තරගාවලියේ ශ්රී ලංකාව සහ පකිස්ථානය අතර තරගයෙන් ශ්රී ලංකාව පරාජය කරමින් පකිස්තානය පහසු ජයක් වාර්තා කර ගන්නට සමත් විය .
පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 128ක් පමණි.
ලකුණු 129ක ජයග්රාහී ඉලක්කය හඹා ගිය පකිස්ථාන කණ්ඩායම, පන්දුවාර 15.3ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 131ක් ලබා ගනිමින් තරගය ජයග්රහණය කළේය.
ශ්රී ලංකාව මේ වන විට තරග 2ක් ක්රීඩා කර ඇති අතර, එම තරග දෙකම පරාජය වී ඇත. එබැවින් ප්රසාද ලකුණු කිසිවක් ලබාගෙන නොමැත.
කණ්ඩායම් 3ක් අතරින් ශ්රී ලංකාව පසුවන්නේ 3 වන ස්ථානයේය.
ශ්රී ලංකාවේ ශුද්ධ ලකුණු වේගය -2.679 ක් ලෙස ඉතා පහළ අගයක් ගෙන ඇති අතර සිම්බාබ්වේ කණ්ඩායම එක් තරගයක් පරාජය වුවද ඔවුන්ගේ ලකුණු වේගය (+1.471) ඉහළ මට්ටමක පවතී.