ශ්රී ලංකන් එයාර්ලයින්ස් සහ ශ්රීලන්කන් කේටරින් යන සමාගම්වල සභාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ගණේගොඩ සහ අධ්යක්ෂ මණ්ඩල සමාජිකයෙක් වූ රොහාන් ගුණතිලක එම තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත .
2026 මාර්තු 31 දින සිට ක්රියාත්මක වන පරිදි මෙම ඉල්ලා අස්වීම් ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙයි .
මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් ස්ථිර සභාපතිවරයෙකු පත් කරන තෙක්, එම සමාගම් දෙකෙහිම වැඩබලන සභාපතිවරයා ලෙස ඒ. කේ. ඩී. ඩී. ඩිමාල් අරන්දර කටයුතු කිරීමට නියමිතය .