ශ්‍රීලනිප මහලේකම් ධුරයේ වැඩ බලන්න අලුත් ම කෙනෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත පත්කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (11) පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

එම පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර එම තනතුරෙන් ඉවත් වීම පිළිබඳ මධ්‍යම කාරක සභාව නිල වශයෙන් දැනුවත් කිරීම, ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා එම හමුව පැවති බව වාර්තා වේ.

මේ අතර එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැවසුවේ දයාසිරි ජයසේකර පක්ෂයේ සභාපති ධුරයට සුදුසුනම් ඉදිරියේදී එය ලැබෙනු ඇති බවය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *