ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පරාජය හමුවේ කෝපයට පත් ක්‍රිකට් ලෝලීන් පිරිසක් අද (01) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරි පිට විරෝධතාවක නිරත විය . විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වුණේ, වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය වහාම ඉල්ලා අස්විය යුතු බවයි.
බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ මූලිකත්වයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර, සිවිල් ක්‍රියාකාරීන් සහ ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසක් ඊට එකව සිටියහ .
එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු නිලධාරී මණ්ඩලයට වහාම ධුරවලින් ඉල්ලා අස්වී “ගෙදර යන ලෙස” විරෝධතාකරුවන් සටන් පාඨ ඉදිරිපත් කළා. කෙසේ වෙතත් එම විරෝධතාව හේතුවෙන් එම මූලස්ථානය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර, කිසිදු ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා නොවූ බව පොලිස් ආරංචිමාර්ග පවසයි .