වෛද්‍යවරුන්ගේ DAT දීමනාව තාවකාලිකව අත්හිටුවයි…

2024 වසරේ ජනවාරි මස සිට වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව ( DAT) වෙනුවෙන් වැඩිකරන ලද රු. 35,000ක මුදල ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

මෙලෙසින් එම දීමනාව අත්හිටවීමට පියවර ගෙන ඇත්තේ, අනුමත ප්‍රතිපාදන සීමාව තුළ මහා භාණ්ඩාගාරය විසින් ඊට ලබා දීමට කටයුතු නොකිරීම හේතුවෙනි.

කෙසේ නමුත් මෙම ගැටලුව කඩිනමින් නිරාකරණය කරගන්නා තෙක් වැඩිකරන ලද රු. 35,000 ක මුදල තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

දැහැමි මධුෂිකා