විශේෂඥ වෛද්‍ය හිඟයට තවමත් විසඳුම් නෑ .

නිර්වින්දන, ළමාරෝග, රක්තවේදය සහ ශල්‍ය වෛද්‍ය යන අංශවල තවදුරටත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසන්නේ, මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ විශේෂඥ පුහුණුව සඳහා විදේශගත වූ ඇතැම් වෛද්‍යවරුන් නැවත මෙරටට නොපැමිණීම බවයි.

ඊට අමතරව, පසුගිය කාලයේ රට තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් තවත් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විදේශ රටවලට සංක්‍රමණය වී ඇති බවද් අඔහු පවසයි .

කෙසේ වෙතත්, මෙරට කායික රෝග වෛද්‍යවරුන් ප්‍රමාණවත් තරම් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.