විමල් තංගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­ක­ය මගහරියි

තංගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­ක­ය හමුවේ ඊයේ දිඅන්‍යේ යළි පෙනීසිටින ලෙස ජාතික නිද­හස් පෙර­මුණේ නායක විමල් වීර­වංශට දැනුම්දීමක් සිදු කර තිබුණ ද ඔහු එම ඒකකය වෙත පැමිණ නැති බව වාර්තා වේ.

එම කැඳවීම හෝකන්දර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට දැනුම්දී තිබුනද ඔහු නොපැමිණි බව පොලිස් ආරංචි මාර්ග පවසයි .

සීනි­මෝ­දර ප්‍රදේශයෙන් වාර්තා වූ මත්ද්‍රව්‍ය ජාවා­රම පිළි­බ­ඳව තංගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­කය අත්අ­ඩං­ගු­වට ගත් පුව­ක්ද­ණ්ඩාවේ සනා නමැති සැක­කරු පිළි­බ­ඳව විමල් වීර­වංශ ජනමාධ්‍ය හමු­ව­කදී කළ ප්‍රකා­ශ­යක් පිළි­බ­ඳව විම­සී­මට ඊයේ පෙරවරු 10 ට එම ඒකකයට මෙලෙස ඔහු නැවත කැඳවා තිබූනි .

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඉකුත් 09 වැනිදා ද තංගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­ක­යට නීති­ඥ­ව­ර­යකු සමඟ පැමිේඉකුත් 09 වැනිදා ද තංගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­ක­යට පමිණ මෙ පිළිබඳව ප්‍රකාශයක් ලබා දී තිබිණි. එහෙත් ඔහු ලබාදුන් එම ප්‍රකා­ශ­යෙන් අනාවරණ කළ කරුණු ප්‍රමා­ණ­වත් නොමැති බැවින් ඔහු තංගල්ල අප­රාධ විම­ර්ශන ඒක­ක­යට ඊයේ දිනයේදීද කැඳවා ඇත .