කොළඹ මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් සහ හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පැවති අතර එහිදී වත්මන් ආණ්ඩුව විකල්ප මත දරණා දේශපාලන පක්ෂ මර්ධනය උදෙසා ගෙනයන ක්‍රියාමාර්ග පිළිබඳව අවධාරණය යොමුවන ලදි .
එහිදී අදහස් දැක්වූ හිටපු ජානාධිපති රනිල් වික්‍රමසිංහ වත්මන් ආණ්ඩුව විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ට විවිධ චෝදනා එල්ල කරමින් නඩු වලට පටලවා ඔවුන් මර්දනය කිරීමට උත්සාහ කරන බව පෙන්වා දුන්නේය .
නීතිඥවරුන් බිය ගැන්වීම සහ සංඝරත්නයට එරෙහිව සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන සංවිධානාත්මක ව්‍යාපාරයන් පිළිබඳව මෙහිදී හිටපු ජනාධිපතිවරයා සිය දැඩි විරෝධය පළ කර සිටියේය .
වර්තමානයේ සමාජ මාධ්‍ය භාවිත කරනා ඇතැම් පිරිස් සංඝරත්නයට විරුද්ධව විශාල ව්‍යාපාරයක් රැගෙන යන බව පැවසූ ඔහු නීතිඥයන් බියට පත් කරන වැඩසටහනක්ද ක්‍රියාත්මක වන බව පෙන්වා දුනේය .
එමෙන්ම දේශපාලන පක්ෂවල ක්‍රියාකාරිත්වය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ නිදහස සීමා කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, විවිධ නඩු පවරමින් දේශපාලන පළිගැනීම් සිදු කිරීම හරහා විපක්ෂය අඩපණ කිරීමට උත්සාහ දරන බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
පවතින මතවාදී වෙනස්කම් පසෙක තබා, ජනතාවගේ අයිතිවාසිකම් සහ රටේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විපක්ෂයේ සියලු කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පැවසීය.
” වාද කිරීම පැත්තකට තියලා අපි එකතු වෙන්න ඕන . මුලින්ම අපි මේ තියන දේවල් ආරක්ෂා කරගන්න ඕන. ඔබ ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට මාත් එක්සත් ජාතික පක්ෂයත් සහය දෙනවා ” හිටපු ජනාධිපති රානිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.