විදුලිබල ඇමතිගෙන් විශේෂ ඉල්ලීමක් .

විදුලිබලය අරපිරිමැසෙන් භාවිත කරනා ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඉල්ලා සිටී . ඒ අනුව සවස 6.00 ත් රාත්‍රී 10.00 අතර කාලයෙදී විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස අමාත්‍යවරයා මහජනයාගෙන් ඉල්ලා සිටී .

ගම්පහ දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමට සහභගී වෙමින් ඔහු මේබව සඳහන් කළේය .

විදුලි කප්පාදුවක් සිදු කිරීමට මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බවත්, සියලුම ආකාරයේ පරිභෝජනයන් සඳහා මැයි මස වන තුරු තෙල් පවතින බවත් ඔහු පැවසීය.