විජයදාසට සහ උඩවත්තට බාධා නොකරන්නැයි වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස ඊයේ (12) පත් වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ වැඩ බලන ප්‍රධාන ලේකම් කීර්ති උඩවත්ත මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු කරගෙන යාමට බාධා කිරීමෙන් අනෙකුත් සියලු පාර්ශවයන් වලක්වාලමින් කඩුවෙල දිසා අධිකරණය මගින් වාරණ නියෝග නිකුත් ක‍ර තිබෙනවා.

මෙම නඩුව ගොනු කර තිබෙන්නේ විධායක කාරක සභිකයන් දෙදෙනෙක් වන ඉසුරු අබේවර්ධන සහ සුමිත් විජයමුණි ද සොයිසා යන දෙදෙනා විසින්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!