වැඩි කළ වතු කම්කරු වැටුප ගෙවයි

මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමේ සේවය කරනු ලබන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 ක් ලෙස වැඩි කර ලබාදීම ඊයේ (10) ඇල්කඩුව වැවිලි සමාගමේ මාතලේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මැයි 1 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700ක් දක්වා වැඩි කිරීමට ගෙන ඇති තීරණයත් සමග මෙම පඩි වැඩි කිරීම සිදු කර තිබෙනවා.

මාතලේ ඇල්කඩුව වැවිලි සමාගම යටතේ සේවය කරනු ලබන වතු කම්කරුවන් 1500ක් වෙත මෙම වැඩි කරන ලද රුපියල් 1700ක පඩියට අමතරව ඊ.ටී.එෆ් හා ඊ.පි.එෆ් 202.50 එක් වූ පසු 1902.50 වැටුප් වැඩිවීමක් සිදු කරන බව ඇල්කඩුව වෙවිලි සමාගමේ සභාපති සුමිත් ජයරත්න මහතා ප්‍රකාශ කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!